Header Ads

The Flash Season 03 (E01- E06) Direct Download With Sinhala Subtitles [Dreamworld Entertainment]

එහෙනම් මම පොඩ්ඩක් අතීතය ගැන කියන්නම්. කලින් කොටස අවසන් උනේ බැරි ලොකු විනාසයක් කරලා. ඒ තමයි ටයිම් ලයින් එකේ ලොකු අවුලක් හදපු එක.  මේ කරපු දේ නිසා පහුගිය ටිකේ මොකක් රුවිතෙට  ගියත් බැරිට එක එක කතන්දර අහන්න උනා  බැරිට අන්තිමේ තාත්තවත් නැති උනා. එයාට එයාගේ මේ සුපිරි වේගයෙන් නැවත අහිමි උන දේවල් අරගන්න අතීතයට ගියා. ඒ තමයි බැරි පොඩි කාලේ ඒ සිදුවීම උන තැන. එතනදි තමයි බැරිගේ අම්මා රිවර්ස් ෆ්ලෑෂ් ඇවිත් මරන්නේ. එයා එතනට ගිහින් අම්මව බේරාගන්නවා. බේරාගෙන එයා හිතන්නේ එයාට අහිමි උන දේවල් ආයේ ලැබෙනවා කියලා. එත් අහිමි උන දේවල් ලැබෙනවට වඩා බැරි ගිහින් කරන්නේ ලොකු වින්නැහියක්.
එයා එතන එක සිදු වීමක් වෙනස් කරපු එකෙන් ඒ ටයිම් ලයින් එකේ උන දේවල් ඔක්කොම කණපිට ගැසීමක් කරවලා අලුත්ම ටයිම් ලයින් එකක් හැදෙනවා. අපි ඒක උන වෙලාවට සහ ස්ථානයට කියන්නේ ෆ්ලෑෂ්පොයින්ට් කියලා. සියල්ල වෙනස් උන ස්ථානය විදිහට සලකන්නේ අන්න ඒ සිදුවීම උන වෙලාව සහ ස්ථානය. ඉතින් බැරි කරපු මේ වෙනසත් එක්ක බැරි රිවර්ස් ෆ්ලෑෂ් වත් එක්කගෙන අලුත් ටයිම් ලයින් එකේ වර්තමාන කාලයට එනවා. එහෙනම් මම මෙතනින් නවත්තනවා. මොකද ෆ්ලෑෂ්පොයින්ට් එකෙන් උන වෙනස ඔයාලටම බලන්න ඉඩ ලබා දෙන්න ඕන නිසා. කලින් මැරුණ අය සේරම ආය ජිවත් වෙනවා මේ අතීතය වෙනස් කිරීමත් එක්ක. හැබැයි හැමෝගෙම චරිත වෙනස් වෙලා.

Downloade Sinhala Subtitles

flash s03

 



No comments

Powered by Blogger.